Pages

තොරගෙන කියවන්න

Thursday, July 12, 2012

අමරණීය මරණයකට



ඇත්තටම මිනිස්සු හරි පුදුම ජාතියක් නේද?වෙලාවකට හරිම සතුටින් ඉන්නේ වෙලාවක හරිම දුකින්...තව සමහරු කෙනෙක් දුක් වෙනවා බලාගෙන හිනා වෙනවා.....ඒ වගේ අයට අපි කියනවා " මූ නම් මහා කාල කන්නියෙක් වෙන එකෙක්ට දුකක් දැනුනම හිනා වෙනවා" කියලා.....තව සමහරු කෙනෙක් දුක් වෙනකොට ඒ කෙනාට දුක නැති කර ගන්න උදව් දෙනවා..."අන්න ඒ වගේ අයට අපි කියනවා....නියම කෙනෙක්......මනුස්සකම  උපරිමයට තියෙන මිනිහෙක්" කියලා.......
කොහොම නමුත් ඔයා මොන වගේද මම මොන වගේද කියලා අපි හිතලා බලන්නේ බොහෝම කලාතුරකින් ඒක තමයි අපේ හැටි....අපිට අනුන්ගේ වැරදී ඕන තරම් පේනවා නමුත් අපිට අපේ වැරදි පේනවද?අන්න ඒකයි ප්‍රශ්නේ...........




හොදයි.....පොඩ්ඩක් හිතලා බලන්න.....ඔයා කව්ද කියලා......ඔව් ඔයාගෙම හිතෙන් අහන්න....හ්ම්ම්ම්.......ඇහුවද?...මම දන්න විදිහට ඔයා බොහෝම හොද කෙනෙක්...ඔයා ලග නරක නැහැ....තියෙන්නේ වැරදි වැටහීම් වගයක් විතරයි.....එහෙම නේද?.....මේ අහන්න....මේ කියන ටික ඔයාට වැදගත් වෙයි......මුලින් කියපුවා කිව්වේ මේකට මුල පිරීමක් විදිහට....හොදේ.......

ඔයා ගැන විශ්වාසය තියන්න......ඔයාව කිසිම විටක විවේචනය කරන්න එපා ඒක හරිම භායානකයි(අපේ සමහරු කියා ගන්නවනේ මම නම් මහා කාල කන්නියෙක් මට මුකුත්ම කරන්න බැහැ.......කියලා ).......ඔයා ගැන දැඩි ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න....කාටවත් ඔයාව වට්ටන්න බැරි වේවී.....මේ ලෝකේ ඉන්න වටිනම කෙනා ඔයා කියලා හිතා ගන්න.....ඔයාට ඔයාගේ වටිනා කම ටික ටික තේරේවී.......තව කෙනෙක් විවේචනය කරන්න එපා සැම විටම හැම දෙනා ගෙම හොද දේ විතරක් දකින්න එය අගය කරන්න...නරක දේ ගැන එයාට කියලා දෙන්න...විවේචනය කරන්න එපා......ඔබට මිතුරන් ගොඩක් ලැබේවී.....දෙමාපියන්ට ගරු කරන්න....එයාලට ආදරය කරන්න....ඒයාලා සමග පුලුවන් සැම විටම ආදරයෙන් එක මේසයක කැම ගන්න...එයාලගේ හොද හැමෝටම කියන්න.....එතකොට අම්මා...තාත්තා...කෑගහලා කියාවී මගේ පුතා තමයි මේ ලෝකේ හොදම පුතා කියලා......ඒ ආශිර්වාදයම ඇති ඔයාට දියුණු වෙන්න.......හැමටම උපකාර කරන්න වෛර කරන්න එපා..කරුනාව දක්වන්න.......සෙනෙහස දක්වන්න......ඔයාගේ පෙම්වතියට.....බිරිදට......ආදරෙන් සලකන්න....ඔයා මගේ මුලු ලෝකෙම කියන්න...එයාටත් මුලු ලෝකේම ඔයා වේවී.......එයාගේ ලගින්ම ඉන්න.....දුකේදි සැපේ දි....වැරදි වලට සමාව දෙන්න.......ආදරේ දෙන්න.....ආදරේ ගන්න එපා....පූලුවන් තරම් ඇයට ලන් වී ඉන්න ඔයාට ජිවිතේ ලස්සනයි කියලා හිතෙයි...එයාගේ නෙවෙයි මේ ලොකේ කිසිම කෙනෙක් ගේ සිත රිදෙන වැඩ කරන්න එපා....හැමෝටම මෛත්‍රි කරන්න......යාහලුවන්ට ආදරේ කරන්න එයාලගේ දුක සැප ගැන විමසන්න.....සැපේදි කෙසේ වෙතත් දුකේදි ලගින් එන්න ඔයා මේ ලෝකේ වටිනම කෙනා වෙනවා මට ඒක විශ්වාසයි.......මරණයට මොහොතකට පෙර ඔබට මා දැන් කියූ දේ අගය දැනේවී.........මිතුරන් ඇතිකරගන්න නැති කර ගන්න එපා...රටට ආගමට ජාතියට වැඩක් ඇති දෑ පමණක් කරන්න.....ඒය ඔබටත් වැඩක් ඇති දෙයක් වනවා නියතයි...සදාකාලික නොවන ජිවිතය ක් ලද ඔබගේ නම අමරණීය කල හැකි ක්‍රමය මෙයයි.......සම විටම අන් අය ගැන සිතන්න...කෙනෙකුට උදව් අවැසි මොහොතක ජාති කුල ආගම් අමතක කර උදව් කරන්න.....කුනුකය දිරයි ඔබගේ නමුත් නාමය කිසි දිනක නොදිරමින් පවති කියලා මට විශ්වාසයි.....අවසන දෙයක් කියන්නම්........මුල අමතක නොකරන්න වැරදි වලට සමාව දෙන්න....

ලෝකය රග මඩලකි අපි එහි නලුවෝ වෙමු...ඔබගේ චරිතය හරියට කරන්න

No comments:

Post a Comment