යාලුවෝ දෙන්නා සහ මාලු
ඔන්න එකොමත් එක රටක හිටියලු යාලුවෝ දෙන්නෙක්,,,එක්කෙනෙක් සිරිපාලලු,,අනිත් එකා සෝමපාල........
සිරිපාල - මේ බඩගිනි බන් යමුද කන්න...
සෝමපාල - ඔව් යමු බන් මටත් බඩ ගිනී....
(යා ලු වෝ දෙ න් නා කෑ ම ක ඩේ ක ට ගො ඩ වෙ යි......)
සිරිපාල - උබ මොනාද කන්නේ......
සෝමපාල - පාන් කමු බන්......
සිරිපාල - වේටර් මල්ලී අපිට පාන් ගේනන...
වේටර් - මහත්තයාලට ඕන මස්ද ,මාලුද ?
සෝමපාල - ඇයි පාන් නැද්ද?
වේටර් - නැහැ පාන් තියෙනවා පාන් කන්නේ මොනවත් එක්කද කියලයි ඇහුවේ.....
සෝමපාල - මස් ගේන්න...
සිරිපාල - එපා එපා මාලු ගේන්න.....
වේට්ර් මල්ලි යාමට සැරසෙයි......
සෝමපාල - මොකක්ද ජාතිය?
වේටර් - මුස්ලිම් සර්....
සිරිපාල - මොකක්......... අපි අහන්නේ මාලු මොනාද කියලා ඕයි....
වේටර් - ආ උන්නම් සින්හල.......
සෝමපාල - තමුසෙට පිස්සුද ඕයි,,මාලු කොහොමද සින්හල කියල කියන්නේ,,,,උන්ට
ජාති ආගම් නැහනේ ඕයි
වේටර් - සර් මගුලක් කතා කරනවා....ශ්‍රි ලන්කාවේ මුහුදෙන් අල්ලන මාලු සින්හල
නැතුව ඉන්ග්‍රිසිද.... ඔන්න අරබියෙන් වගේ ඇල්ලුවනම් ඌ මුස්ලිම් වගේ
කියන්න පුලුවන්...
සිරිපාල - යකෝ අපි අහන්නේ ඔය උයලා තියෙන මලු වර්ගය මොකක්ද කියල මිනිහෝ...
වේට්ර් - ආ එකනම් එහෙම එක පාරට කියන්න අමරුයි...මොකද උන් උයන්න ඉස්සෙල්ලා
පිරිමි උයනකොට ගැහනු,,,
සිරිපාල - මොකක් එහෙම වෙන්නේ කොහොමද?
වේටර් - මෙහෙමනේ සර්.....උන් කඩෙන් ගේනකොට පිරිමි....උන් කැපුවම මාලු "කෑලි" නේ...ඉතින්
"මාලුකෑලී" කියන්නේ ගැහැනු මාලුවන්ටනේ......
සොමපාල - හරි ඕයි...ඔය ඕන මගුලක් ගේනවා...........
වේට්ර් පිටව යයි.......
වේටර් - මෙන්න මහත්තයා මාලුයි, පානුයි...... (වේටර් පිටව යැයි)
සිරිපාල මාලු හොදි එකෙන් ලොකුම මාලු කැල්ල බෙදා ගනී....සොමපාල එයදිහා බලගෙන සිටි....
සෝමපාල - මොක්කද බන් උබ ඒ කරපු කැත වැඩේ....හරිම අශීලාචාරයි බන්....
සිරිපාල - ඇයි මොකක්ද?
සෝමපාල - උබ උබේ හොදම යාලුවා බලගෙන ඉන්නකොට ලොකුම මාලු කැල්ල ගත්තා...හරිම
කැතයි බන්...හරිනම් උබ පොඩි එක් අරගෙන මට ලොකු එක දෙන්න එපැයි,ඒකනේ
නියම යාලු කම....
සිරිපාල -හරි දැන් උබ මම නම් එහෙමද කරන්නේ....
සෝමපාල - ඔව් බන්...මම උබ උනා නම් මුලින් පොඩි කැල්ල..බෙදාගෙන උබට ලොකු කෑල්ල
දෙනවා...
සිරිපාල - ඉතින් හරිනේ බන්....අවුලක් නැහැනේ......
සෝමපාල - අවුලක් නැත්තේ මොකද,,,
සිරිපාල - ඇයි බන් මම උබේ යහලුවනේ,,,ඉතින් උබ මුලින් බෙදා ගත්තානම් බෙදාගන්නේ පොඩි
කැල්ල නේ...
සෝමපාල - ඔව් ඉතින්....
සිරිපාල...ඉතින් ඔය උබට දැනුත් පොඩි කැල්ල තියෙන්නේ...ඉතින් කාපන්කෝ....බන්.......
No comments:
Post a Comment