ආදරය මොනවගේද? හ්ම්ම්ම්ම් ආදරය හරි අමුතුයි...ආදරය පුදන්න වගේම ලබන්නත් පුලුවන්..මේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා.....විටක ආදරේ මිහිරි වන අතර විටක අමිරි බවක් ඇතිවේ..මේ අමිහිරිබව තුළ ඇති කටුකත්වය...ඇතැමෙක් ආසාවෙන් විදී...ඇතැමෙක් ආසාවෙන් විදවති....තවකෙක් සිනාසෙයි...තවකෙක් හඩයි...තවකෙක් සිනාසෙයි..තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු හැගීමකි ආදරය....ආදරය විශ්වකෝෂයකි...එකින් එක පිටු පෙරලා කියවිය යුතුය...ලබනා අත්දැකීම් හරි අගනේය....මිල කළ නොහැකිය...ආදරය තුල හැම දේම ඇත බොහෝවිට නැත්තේ තේරුම් ගැනීමයි....ආදර කර බලන්න....හරි සුන්දරයි....විදවන්න පුලුවන්නම් ඇතමෙක් කියයි....ඇත්තටම ආදර කර බලන්න එය සුන්දරයි....කලාත්මකයි...ආදරයට ඔබව කවියෙකු කල හැක....මිනිමරුවකු කල හැක...පොසතෙකු කල හැක...දුප්පතෙකු කල හැක.....ආදරය කර බලන්න ලබාගත හැකි දේ බොහෝය......ආදර පුදකරන්න......ලබාගත හැකි දේ බොහෝය.....කරුණු එසේය නමුත්...
අවසානයේදි දෙයක් කියන්නට අවසර...."ලොව නිත්‍ය කිසිවක් නොමැත සියල්ල අනිත්‍ය වේ" මෙය නම් වටහා ගැනීමට ආදර බෙහෙවින් උපකාරී වේ.......
අවසානයේදි දෙයක් කියන්නට අවසර...."ලොව නිත්‍ය කිසිවක් නොමැත සියල්ල අනිත්‍ය වේ" මෙය නම් වටහා ගැනීමට ආදර බෙහෙවින් උපකාරී වේ.......
ජීවිතය.....ඔව් ජීවිතය සුන්දරය....ආලය ජිවිතයේ කොටසකි.....ජිවිතය යනු කුමක්ද....වදයක් ද? නැත......සතුටක් ද?නැත.......එසේනම් මිහිරක්ද? නැත........අමිහිරක්ද?....නැත......එසේනම් කුමක්ද ජිවිතය?....ජිවිතය යනු ජිවිතය ජිවත් කරවීමයි......ජිවිතය තුල සියල්ල ඇත නැත්තේ සියල්ල නොවෙනස්ව පැවතීමයි....කරුණු එසේය...සියල්ල එලෙස නොපවතීනම්....ඇයි මරා ගන්නේ?නොදනී.......ඇයි දුක් වෙන්නේ?නොදනී......ඇයි ගරු නොකරන්නේ?නොදනී.....දන්නේ මෙපමනකි මිනිසා වියරු වැටි ඇත සත්‍යය අමතකය.....වෛරය මතකය......පළිගැනීම අගය කරන්නේය.....කරුනාව පසකට විසිකර ඇත....තමා සදාකාලික ජීවිතයක් උරුම කරුවෙකු සේ සිතයි....සිතන්න ඔබ සැමදා ජීවත් නොවේ,,,එසේනම් කුමක් කල යුතුද?දනිමි.....කාරුනික වන්න...ආදරය කරන්න....වෙදනා නොදෙන්න....උදව් කරන්න.....සැමටම සෙතපතන්න ධාර්මිකව ජීවත් වෙන්න.....අමරණීය නොවන ඔබගේ නාමය සදා අමරණීය වනු නිසැකය.....
එන්න දෙයක් කියන්න.....මතක තබා ගන්න....ඔබ විශිෂ්ඨය....ඔබ ඉතා අගනේය....කිසිවිටක ඔබව හැල්ලු නොකරන්න....කිසිවිටක ඔබට අවමන් නොකරන්න....ඔබට උදව් වන්නේ ඔබමය....ඔබට ආදරේ කරන්න......"තමා හිසට තම අතමය සෙවනැල්ල"...මතක තබා ගන්න...ඔබ උතුම් වු මනුෂ්‍යයෙකි....උසස් වු මනසක් ඇත්තෙකි.....සිතක් ඇත්තෙකි....කරුණු එසේනම්......ඔබට ජය ගත නොහැකි දෙයක් නොමැත....අවශ්‍ය වන්නේ ඔබව විශ්වාස කිරීමයි...ඔබට ආදර කිරීමයි...නොපසුබටව උත්සහ කරන්න.....ධර්මය අනුගමනය කරන්න......ඔබට පුලුවන් මා එය දනිමි...ධන වාදී ආකල්ප හිසතුල පුරවා ගන්න....කිරීමට ඇති දේ අදම කරන්න.....ජීවත් වීමට ඇත්තේ ඉතා සුලු කාලයක් බව මතක තබා ගන්න.....කාලය රන් හා සමාන නොව මිල කල නොහැකි බව මතක තබා ගන්න....ජිවිතය තුල තෘප්තිමත් වන්න.....ඔබ තුල ඇති දෙයින් සමාජයට දෙයක් දෙන්න නොමැති දේ ගැන ලත නොවන්න.....ඔබට උතුම් ජීවිතයක් ඇත...එය අන් කිසිවකට වටා අගනේය...ඒය සිහි තබා ගන්න.....ජය බලා...දියුණුව බලා ගමන් කරන්න......කලගුණ සලකන්න...එසේනම් මා නවතිමි.....කලකට පසුවයි මගේ සිතට සතුටු විය හැකි POST එකක් මෙලෙස ඔබට යොමු කලේ එසේනම් මා සමුගනිමි....ඔබට ජය......සමු ගන්නට අවසර.....මතක තබා ගන්න.........
"ඔබට වටිනා ජිවිතයක් ඇත"

No comments:
Post a Comment