ආදරය මොනවගේද? හ්ම්ම්ම්ම් ආදරය හරි අමුතුයි...ආදරය පුදන්න වගේම ලබන්නත් පුලුවන්..මේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා.....විටක ආදරේ මිහිරි වන අතර විටක අමිරි බවක් ඇතිවේ..මේ අමිහිරිබව තුළ ඇති කටුකත්වය...ඇතැමෙක් ආසාවෙන් විදී...ඇතැමෙක් ආසාවෙන් විදවති....තවකෙක් සිනාසෙයි...තවකෙක් හඩයි...තවකෙක් සිනාසෙයි..තේරුම් ගැනීමට නොහැකි ගැඹුරු හැගීමකි ආදරය....ආදරය විශ්වකෝෂයකි...එකින් එක පිටු පෙරලා කියවිය යුතුය...ලබනා අත්දැකීම් හරි අගනේය....මිල කළ නොහැකිය...ආදරය තුල හැම දේම ඇත බොහෝවිට නැත්තේ තේරුම් ගැනීමයි....ආදර කර බලන්න....හරි සුන්දරයි....විදවන්න පුලුවන්නම් ඇතමෙක් කියයි....ඇත්තටම ආදර කර බලන්න එය සුන්දරයි....කලාත්මකයි...ආදරයට ඔබව කවියෙකු කල හැක....මිනිමරුවකු කල හැක...පොසතෙකු කල හැක...දුප්පතෙකු කල හැක.....ආදරය කර බලන්න ලබාගත හැකි දේ බොහෝය......ආදර පුදකරන්න......ලබාගත හැකි දේ බොහෝය.....කරුණු එසේය නමුත්...
Thursday, July 12, 2012
ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්
ඔන්න මට අද හිතුනා තවත් වැදගත් වෙයි කියලා හිතන අදහස් ටිකක් මේ විදිහට අපේ Dustbin සහෝදරයන්ට දෙන්න ඕනා කියලා......ඔන්න එහෙනම් පටන් ගත්තා........හරි මෙහෙමයි.....මෙහෙම මම කතාව පටන් ගන්නම් කෝ.......
අපේ බුදුහාමුදුරුවන්ගේ පළමු රහතුන් වහන්සේලා අමතා කල දේශනාව ඔයාලට මතක ඇති නේ? "මහණෙනි,ගම් නියම් ගම් හී සැරි සරන්න,මුල,මැද,අග පිවිතුරු වු නිරවුල්වු දහම් දෙසන්න,,දෙනමක් එක මග නොයන්න"......මේ උන් වහන්සේගේ පළමු දේශනාව.......ඔයාලට මතකද
බස් ඒකෙදි සිද්ධියක්
මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..මම රෑ 7.00 ට විතර ගෙදර එන්න..බස් එකට නැග්ගා...බස් එක ටික දුරක් යන කොට යාචකයෙක් බස් එකට නැගලා..සුපුරුදු විදියට හිගමන් යදින්න පටන් ගත්තා..ඔය වෙලාවේ තමයි..මගේ ඉස්සරහා ෂීට් එකේ හිටපු ජොඩුව කතා කරන දෙයක් මට ඇහුනේ..(හොරෙන් අහන් හිටියෙ නැහැ ඇහුනා හොදේ....)කෙල්ල මොකක් හරි ඉල්ලනවා මට ලාවට වගේ ඇහුනා..මට ඉල්ලපු දේ මීටර් උනේ කොල්ලා දීපු උත්තරේට...මේ වෙලාවේ සල්ලි නැහැ බබා..දැනට ඕක තියාගන්න අපි ඒ ෆෝන් එක පස්සේ ගමු...කෙල්ල කොල්ලගෙන් දතක් ගලවන්න හදනවද කියලා මට හිතුනා...ඔන්න ඔය වෙලාවේ තමයි..යාචකයා මන් ලගට ඇවිත් මහත්තයෝ කිව්වේ...මොනවා උනත් මොකද කියලා මම ඔන්න රුපියල් දහයක් දුන්නා..මැන්ස් ලග අම්බානට කසිප්පු ගදයි...
Subscribe to:
Posts (Atom)
